Bountiful Betta

Bountiful Betta The Betta Lab
(3)

ෆයිට මාලුන්ට ආදරේ කරන හදවත් 70,000 ක් බොහෝමත් ස්තූතියි ඔයාලගෙ මේ ආදරේට.අපේ රටේ සුරතල් මසුන් කර්මාන්තය තුලින් ඉහලම විදේශ ...
07/09/2026

ෆයිට මාලුන්ට ආදරේ කරන හදවත් 70,000 ක් බොහෝමත් ස්තූතියි ඔයාලගෙ මේ ආදරේට.අපේ රටේ සුරතල් මසුන් කර්මාන්තය තුලින් ඉහලම විදේශ විනිමයක් ගෙන එන මත්ස්‍යයින් අතරට ෆයිට මසුන් ඔසවා තැබීමටත් ගොවියන් වෙනුවට නව දැනුම සහ සාම්ප්‍රදායික දැනුම සපිරි Farmers ල බිහි කිරීමටත් වූ ගමන තවත් ශක්තිමත්ව යන්නෙ ඔයාලගෙ මේ ආදරය නිසයි.ආදරෙයි හැමෝටම 😇🥰🙏

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,නිවැරදිව blood ines කළමනාකරණය කරගන්න හැටි ප්‍රායෝගිකව අවබෝධ කරගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත්,ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්.

29/08/2026

මගේ ක්ලාස් වලින් ඉගෙන ගනිපු අයගෙ මාලුත් අරගෙන export වලට දීල තමයි අපිට මේ දිගින් දිගටම එන orders පරිස්සම් කරගන්නෙ මිත්‍රවරුනි.එක දිගට quality මාලු දෙන්න බැරි නම් අපිට export orders පරිස්සම් කරගන්න බැහැ

👉 මුලින්ම මම export quality මාලු සාම්පල් orders වලට යවල ඕඩර් එක හදාගන්නවා.එහෙම යවපු සාම්පල් මාලුන්ගෙ වීඩියෝ කීපයක් මන් පේජ් එකේ කලින් දාල ඇති.ඊට පස්සෙ ඔය එන හැම ඕඩර් එකටම දෙන්න මාලු මගේ ලඟ නැති නිසා තමයි export quality මාලු හදාගන්න,blood lines කළමනාකරණය කරගන්න අවශ්‍ය නිවැරිදි දැනුම දීල Bountiful Brothers කියල team එකක් හදල තියෙන්නෙ.

👉 මොකද දැනට export වලට මාලු දෙන දහ පහලොස් දෙනා ඇරෙන්න quality ප්ලැකට් මාලු 50ක් එක දිගට ඕඩස් වලට දෙන්න පුලුවන් අය තාම මට නම් හම්බවෙලා නැහැ.ඒක නිසා තමයි අව්රුද්දකට වගේ කලින් මාලු එකතු කරන වැඩේ අත ඇරල දැනුමෙන් සහ විනයෙන් සපිරි කණ්ඩායමක් හදල වැඩේ කරන්න පටන් ගත්තෙ.

👉 ඒකාලෙ ඉඳන් තමයි ගොඩක් අය මට මඩගහන්න පටන් ගත්තෙ.සමහරු නම් තාමත් එහෙමමයි.එයාලගෙ වචන වලට රැවටිලා ක්ලාස් වලට එන්නැතුව ගියපු අයට දැන් මොනව හිතෙනවා ඇද්ද නේද? මිනිස්සු කියන දේවල් සේරම එක පාර විශ්වාස කරන්නෙ නැතුව කියන අයගෙ අතීතය,වරථමානය හා කියන කරන දේවල් සිහි බුද්ධියෙන් කල්පනා කරල බැලුව නම් ඒ රැවටිච්ච අයත් දැන් export වලට මාලු දෙනවා.

👉 තනියම දෙයක් කරනව වගේ නෙමෙයි සහෝදරවරුනි කණ්ඩායමක් හැමවිටම සාර්ථකයි වගේම ශක්තිමත්.එක්කෙනෙක් වැටුනොත් තව කීපදෙනෙක්ම ඉන්නවා උදව් කරන්න.අනික නාගරික ප්‍රදේශ වල කුඩා ප්‍රමාණයේ farm කරගෙන යන අයට කීප දෙනෙක් එකතු වෙලා ලොකු ඕඩර් එකක් උනත් දෙන්න පුලුවන්.ඒක තමයි අපි මේ කරමින් ඉන්නෙ.මම ඉස්සරහට දිගටම අපේ Bountiful Brothers කණ්‍ඩායමේ අය සහ එයාලගෙ ෆාම් ඔයාලට පේජ් එකෙන් අඳුන්වා දෙනව ක්ශේත්‍රයට අලුත් සහ පැරණි හැමෝටම එයාලගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,නිවැරදිව blood ines කළමනාකරණය කරගන්න හැටි ප්‍රායෝගිකව අවබෝධ කරගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

28/08/2026

ඔයත් අපේ ෆාම් එකේ ප්‍රායෝගික එක් දින පුහුණු වැඩසටහන් වලට සහබාගි වෙලා හරියටම export quality ෆයිට මාලු හදාගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් මට whatsapp පණිවිඩයක් තියන්න. (0717140085)

👉ඔයාලගෙන් බේරෙන්නම බැරි නිසා මේ අවුරුද්දට අවසාන එක්දින වැඩමුලු දෙකක් ආපහු කරනවා මිත්‍රවරුනි.zoom වැඩසටහන් නම් ආපහු කොහොමත් කරන්නෙ නැහැ

👉 අලුත්ම අයට සහ දැනට කරගෙන යන අයට සුදුසු ලෙස වැඩසටහන් 2ක් පැවැත්වෙන අතර ලස්සනට ප්‍රින්ට් කරපු සහතික නම් දෙන්නෙ නැහැ.ඒ වෙනුවට ඔයාලට ඇත්තටම ෆයිට මාලු හදන හැටි, මගේ ෆාම් එකේ හැදෙන හැටි ප්‍රායෝගිකව සරළව ඉගෙනගන්න පුලුවන් .ඊට පස්සෙ ඔයාලට අපේ පළමු (active farmers )සහ දෙවැනි (new comers) Bountiful Brothers සමූහයන් දෙකට එකතු වෙලා කණ්ඩායමක් විදියට වැඩකරල පියවරෙන් පියවර ඔයාලගෙ මාලු අපනයනය සඳහා ලබාදෙන්නත් පුලුවන්

👉කෝල් කලාට පස්සෙ ආපහු ක්ලාස් කරන්නෑ කියපු අයටත්,one day training program අහල රිප්ලයි කරන්න බැරිවෙච්ච Whatsapp, Messanger මැසේජ් දාපු අයත් ආපහු මට whatsapp message එකක් දාන්න.පුහුණු වැඩසටහන් ගැන විස්තර තියෙන රිප්ලයි එකක් මම එවන්නම්.

📌 එක ක්ලාස් එකකට ගන්නෙ 15දෙනෙක් පමණයි මිත්‍රවරුනි.ඊට වඩා අය කොහොමත් ගන්නෙ නැහැ නැත්නම් වැඩසටහනෙ ඵලදායිතාවය අඩු වෙනවා.ඒක නිසා මුලින්ම register වෙන 15 දෙනා විතරයි ගන්නෙ.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,නිවැරදිව blood ines කළමනාකරණය කරගන්න හැටි ප්‍රායෝගිකව අවබෝධ කරගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

27/08/2026

සෝර්ට් කරගනිපු ෆයිට මාලු පැටව් කෙසෙල් පරඬැල්,කොට්ටං කොල හෝ කුඹුක් කොල,පොතු සහ ජලජ පැලෑටි (ප්‍රමාණවත් ආලෝකය තිබේ නම් පමණක්) සහිත බෙහෙත් ඔරුවක් වගේ ටැංකි වලට තමයි නැවතත් දාගන්න ඕන මිත්‍රවරුනි

👉ඊට පස්සෙ වැඩි මේදය සහ ප්‍රෝටීන් සහිත මත්ස්‍ය ආහාර දිනකට 3වරක් හෝ 4ක් පාරක් දුන්නොත් වේගයෙන් ලොකු කරගන්න පුලුවන්.වැඩි කරගන්න ඕන ආහාර වේල් ගණන මිසක් ආහාර ප්‍රමාණය නෙවෙයි

👉 මේ මාලු බෝතල් කරනකම් මේ ටැංකි ආපහු සයිෆන් කිරීමක් නැති නිසා ඉතාම අඩු වතුර ප්‍රමාණයක් තමයි වැය වෙන්නෙ.ඒ වගේම වතුරෙ තියෙන ස්වාභාවික ඖෂධ ගුණය නිසා මේ මාලු කිසිම බෙහෙතක්,color feed නැතුව ඉතාම නීරෝගිව තද වර්ණ සහිතව ඉදිරි මාසය තුල ඉතාම අලංකාර වර්ණ රටා සහිත මසුන් බවට පත් වෙනවා

👉 මේ පාර මේ මාලු විශේෂයෙන් හදල තියෙන්නෙ මගේ පුහුණු වැඩසටහන් වලට ඇවිත් දැනට අපනයනය සඳහා මාලු ලබා දෙන අපේ Bountiful සහෝදර සහෝදරියන්ට මව් සතුන් විදියට ලබාදෙන්න සහ අපනයන අවශ්‍යතාවය සඳහා.මොකද මම දැන් මේ මාලුන්ට ඕඩර්ස් හදාගෙන ඉවරයි.සාම්පල් ඕඩස් යවපු මාලුන්ගෙ වීඩියෝ මම කලින් පේජ් එකේ දාල තියෙනවා.දැන් තියෙන්නෙ ඉල්ලුමට සැපයුම දෙන්න.මගේ ෆාම් එකේ සම්පූර්ණ අවශ්‍යතාවයට මාලු දෙන්න බැරි නිසා තමයි මම මේ වගේ කණ්ඩායමක් හදාගෙන පිටරටින් අපිට එන ඕඩස් පරිස්සම් කරගෙන ඊළඟට එන අයටත් වෙළඳපොලක් හදල දෙන්න පාර හදාගෙන තියෙන්නෙ

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,නිවැරදිව blood ines කළමනාකරණය කරගන්න හැටි ප්‍රායෝගිකව අවබෝධ කරගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

25/08/2026

ඔයාගෙ ටැංකි වල හිටපු ටිකක් ලොකු වෙච්ච මාලු පැටව් දන්නෙම නැතුව අඩු වෙලා නම්,මේ වීඩියෝ එක සහ මේකේ ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න

👉 මීට කලින් මම මාලු සෝර්ට් කරගන්න විදිය ගැන දාපු වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ 📌 කරල තියන්නම්.ඒකත් බැලුවොත් ඔයාලට සම්පූර්ණ අදහසක් ගන්න පුලුවන් කොහොමද හරියට මාලු සෝර්ට් කරගන්නෙ කියල

👉මේ දිනවල ගොඩක් කාර්‍ය් බහුල උනත් පුලුවන් හැම වෙලාවෙම පොඩි වීඩියෝ ක්ලිප් එකකින් හරි ඔයාලගෙ දැනුමට යමක් එකතු කලේ නැත්නම් මට නිකම් වගකීම් පැහැර හැරිය වගේ පොඩි අප්සට් ෆීලින්ග් එකක් එන එක නවත්තගන්න බැහැ සහෝදරවරුනි.මොකද මම දන්නවා මේ ක්ශේත්‍රයට කැමති ලොකු පිරිසක් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ කියල.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,නිවැරදිව blood ines කළමනාකරණය කරගන්න හැටි ප්‍රායෝගිකව අවබෝධ කරගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

22/08/2026

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගත් මින් මිතුරෝ සංසදය තුලින් රටේ අපනයන ආර්ථිකය ඉහල නැංවීමට අපනයන තත්වයේ සුරතල් මසුන් වගාකිරීම සඳහා බල ප්‍රදේශයේ මත්ස්‍ය ගොවියන් සහ නවකයින් දිරිමත් කිරීම,ප්‍රායෝගික දැනුම ඉහල නැංවීම හා පුහුණුව ලබා දීම වෙනුවෙන් ෆයිටර් මසුන් වගාව තෝරාගත් සාමාජිකයන් සඳහා එක් දින ප්‍රායෝගික මූලික පුහුණු වැඩසටහනක් Bountiful Aqua අප ගොවිපලේ අද සිදු කරනු ලැබුවා

මෙම සාමාජිකයන් හට,

📌 සීමිත ඉඩකඩක් සහිත නාගරික පරිසරයට ගැලපෙන නඩත්තු අවම සිරස් මත්ස්‍ය වගාව
📌 ෆයිට මසුන් අභිජනනය
📌 පැටවුන් රැක බලා ගැනීම සහ අහාර ලබාදීම
📌ටැංකි නඩත්තු කිරීම
📌නිවැරිදිව මව් සතුන් වගාවක් නඩත්තු කිරීම සහ ෆයිට මසුන්ගේ Blood lines කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ඉතා ප්‍රායෝගික සරළ දැනුමක් මා විසින් ලබා දෙන ලදි.

සංසදයේ සභාපති තුමා,උප සභාපති ඇතුලු සෙසු නිලධාරීන් සහ ජාතික ජලජීවි ආයතනයේ නිලධාරී තුමන් මෙම කාර්යය සාර්ථක කරගැනීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නා බැවින් මෙම ක්ශේත්‍රයේ සැබෑ දියුණුව වෙනුවෙන් මීට අදාල සෙසු ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ ද නිවැරිදි අතිශය ප්‍රායෝගික මැදිහත් වීමක් ප්‍රදේශයට මෙන්ම රටටද මේ මොහොතේ අත්‍යාවශ්‍යමයි.

ඒ වෙනුවෙන් අපි සතුව ඇති දැනුම සහ අත්දැකීම් ඕනෑම මොහොතක ලබාදෙන්නත් හුවමාරු කරගන්නත් අපේ කාලය වැය කරන්නත් සූදානම් වෙලා ඉන්නෙ සහෝදරවරුනි

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපනයනය සඳහා සාර්ථකව ෆයිටර් මාලු බ්‍රීඩ් කරන හැටි ඉගෙන ගන්නත්,අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

16/08/2026

අපනයනය සඳහා ෆයිට මාලු හදල රටට ඩොලර් ගෙනැල්ල දෙන අලුත් පරම්පරාවේ අපේ තවත් සහෝදරියකගෙ සාර්ථක බෙටා මසුන් ව්‍යාපාරයක් ගැන අද වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්

👉 එයාට තාම වයස 23ක් උනත් ඉගෙන ගන්න අතරෙදි ගෙදර අයගෙ සහයෝගයත් ඇතුව අවුරුදු 2ක් ඇතුලත දැන් අනිත් bountiful සහෝදර සහෝදරියන් වගේම අපනයනය සඳහාත් සීමිත ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළටත් මාලු සපයන Farmer 👩‍🌾 කෙනෙක් වෙලා ඉවරයි.

👉 ජයනි දැනටමත් ඇත්දැකීම් තියෙන නමුත් ප්‍රමාණවත් නිවැරිදි දැනුම සහ ක්‍රමවේද පිළිබඳව අවබෝධය මදි අයට සකස් කරපු මගේ එක් දින උසස් පුහුණුවට සහ මාස 6කට ආසන්න කාලයක් මුල සිටම බෙටා මසුන් අපනයනය සඳහා වගා කිරීම දක්වා කරපු ඔන්ලයින් පුහුණු වැඩසටහනටත් පුලුවන් වෙලාවට සහභාගි උන කෙනෙක්.

👉 මේ තියෙන්නෙ එයාලව වෙළඳපොලට ඇතුල් කලාට පස්සෙ මගේ පේජ් එක හරහා එයාලව රටට හඳුන්වාදෙන මගේ අන්තිම වගකීම

👉ඔයත් යන්න හරි පාරක් නොදැන,නිවැරිදි දැනුම සහ අත්දැකීම් නොමැතිකම නිසා සැබෑ ලෙසම අපනයන වෙළඳපොල ගැන අවබෝධයක් නැති සමහර වංචනික පුද්ගලයන්ගෙ අදායම් මාර්ගයක් බවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් දැනටමත් ෆයිට මසුන් අපනයන වෙළෙඳපොළට ලබා දෙන අපේ Bountiful සහෝදරයා සහෝදරියන්ගෙ පැරණි සහ අලුත් වීඩියෝ ටික සීරිස් එකක් විදියට දිගටම බලල එයාලගෙ ක්‍රම, අත්දැකීම් සහ ව්‍යාපාරය කරගෙන යන විදියත් එයාල හෙමින් නමුත් ස්ථාවරව ගොඩ නැගෙන විදියත් බලල ඉගෙන ගන්න

👉 ජයනිගෙ සම්පූර්ණ කතාව අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මිත්‍රවරුනි

👉 අපනයනය ඉහල නංවන්න නම් මේ වගේ අංකුර තමයි මුලින්ම අපි රටක් විදියට පරිස්සම් කරගන්න ඕන.ඒ සඳහා වැටුප් ලබන නිලධාරීන්ගෙ ප්‍රායෝගික නොමැති යල් පැන ගිය ක්‍රමවේද තව දුරටත් දිගින් දිගටම ක්‍රියාවට නංවමින් යෑම නවත්තල මූලිකවම දැනට තමන්ගෙ මහන්සියෙන් කැපවීමෙන් යම් දුරකට සාර්ථක වෙලා ඉන්න මේ වගේ අයට මූලිකවම උදව් කල යුතුයි කියන එක ගැන කථිකාවක් ඇති වෙන තුරු මේ වීඩියෝ අනිත් අයටත් දැනුවත් වෙන්න ශෙයා කරගන්න මිත්‍රවරුනි.මොකද ඒක ඔයා සුරතල් මසුන් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නොවුනත් සක්‍රීය පුරවැසියෙක් විදියට මේ ක්ශේත්‍රය රැකගන්න කරන ලොකු උදව්වක් වේවි.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

09/08/2026

ඉතාම සීමිත ඉඩකඩක සහ ස්ලැබ් එකක් උඩ සාර්ථක ෆයිටර් මසුන් වගාවක් කරගෙන යන අපේ Bountiful Brothers සමූහයේ ඉමන්ත සහෝදරයාගෙ හෝමාගම ප්‍රදේශයේ තියෙන ෆාම් එකේ සම්පූර්ණ වීඩියෝ එක තමයි මිත්‍රවරුනි මේ තියෙන්නෙ

👉ඉමන්තගෙ ගෙදර ඉඩ මදි නිසා මේ අසල්වැසි නිවසක ස්ලැබ් එක තමයි පාවිච්චි කරන්නෙ.තව මනුස්සයෙක්ගෙ දියුණුව ඉවසගන්න බැරුව පිච්චි පිච්චි ඉන්න අංචි අදින මිනිස්සු අතරෙ මේ වගේ හදවතක් තියෙන රත්තරන් මිනිස්සු අසල් වැසියන් වීම නම් පෙර පිනක්ම තමයි

👉 ඉමන්ත මගේ සම්පූර්ණ ඔන්ලයින් පාඨමාලාව හදාරල අඩුපාඩු හදාගෙන දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන
සහෝදරයෙක් වගේම එයාගෙ තාත්ත තමයි මේ ටැංකි සහ රැක් නිර්මාණය කරන්න ගොඩක් උදව් කරල තියෙන්නෙ.

👉 ඉදිරියට මේ වගේ අපනයන වෙළඳපොල ඉලක්ක කරගෙන සකස් කරපු මගේ ෆයිට මසුන් පුහුණු පාඨමාලාව හදාරල සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන Bountiful Brothers squad එකේ කොල්ලො කෙල්ලොන්ගෙ ෆාම් වල වීඩියෝ එකින් එක දාන්නම් අලුත් ඔයාලටත් අදහසක් ගන්න

👉 නැත්නම් අපි සද්දෙ නැතුව ඉන්නකම්,දැනුමෙන් විනයෙන් සන්නද්ධ වෙලා ස්මාර්ට් විදියට හිතල සහෝදරත්වයෙන් වැඩකරන කණ්ඩායමක් නිර්මාණය කරල රටක් විදියට ක්ශේත්‍රයේ පුලුවන් ඉහළටම යන්න පටන් ගත්තු අපේ වැඩසටහන සහ අරමුණ හිතාගන්නවත් බැරි,අඩු ගානෙ නමක් කියන්න පුලුවන් එක වැරයිටි එකක් වත් හදාගන්න බැරුව බොරුවෙන් වංචාවෙන්ම ජීවත් වෙච්ච,ක්ශේත්‍රයේ ප්‍රවීනයො කියන ඉරිසියාවෙන් පිච්චි පිච්චි හිතට එන ඕනම දෙයක් කියල මඩ ගහන්න තරම් පහතට වැටිච්ච සමහර තුන් වෙනි පන්තියේ මිනිස්සු දිගින් දිගටම අපි ගැන නොදන්න පිරිස නොමග යවන්න උත්සහ කරනවා.

👉 මන් ඉදිරියේදි මේ ගැන දිගටම වීඩියෝ දානව ඒවත් අනිවාර්යයෙන්ම බලන්න වගේම තවත් කෙනෙකුට මේ දැනුම ශෙයා කරන්න.අපිට මේ ක්ශේත්‍රයෙන් රටක් විදියට ඉස්සරහට යන්න නම් මේ දැනුම බෙදී යාම අත්‍යාවශ්‍යමයි මිත්‍රවරුනි.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

08/08/2026

ඉතාම සීමිත ඉඩකඩක සහ ස්ලැබ් එකක් උඩ සාර්ථක ෆයිටර් මසුන් වගාවක් කරගෙන යන අපේ Bountiful Brothers සමූහයේ ඉමන්ත සහෝදරයාගෙ හෝමාගම ප්‍රදේශයේ තියෙන ෆාම් එකේ ස්ලැබ් එකක් උඩ තියෙන කොටස තමයි මිත්‍රවරුනි මේ තියෙන්නෙ

👉ඉමන්තගෙ ගෙදර ඉඩ මදි නිසා මේ අසල්වැසි නිවසක ස්ලැබ් එක තමයි පාවිච්චි කරන්නෙ.තව මනුස්සයෙක්ගෙ දියුණුව ඉවසගන්න බැරුව පිච්චි පිච්චි ඉන්න අංචි අදින මිනිස්සු අතරෙ මේ වගේ හදවතක් තියෙන රත්තරන් මිනිස්සු අසල් වැසියන් වීම නම් පෙර පිනක්ම තමයි

👉 ඉමන්ත මගේ සම්පූර්ණ ඔන්ලයින් පාඨමාලාව හදාරල අඩුපාඩු හදාගෙන දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන සහෝදරයෙක් වගේම එයාගෙ තාත්ත තමයි මේ ටැංකි සහ රැක් නිර්මාණය කරන්න ගොඩක් උදව් කරල තියෙන්නෙ.

👉 ඉදිරියට මේ වගේ අපනයන වෙළඳපොල ඉලක්ක කරගෙන සකස් කරපු මගේ ෆයිට මසුන් පුහුණු පාඨමාලාව හදාරල සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන Bountiful Brothers squad එකේ කොල්ලො කෙල්ලොන්ගෙ ෆාම් වල වීඩියෝ එකින් එක දාන්නම් අලුත් ඔයාලටත් අදහසක් ගන්න

👉 නැත්නම් අපි සද්දෙ නැතුව ඉන්නකම්,දැනුමෙන් විනයෙන් සන්නද්ධ වෙලා ස්මාර්ට් විදියට හිතල සහෝදරත්වයෙන් වැඩකරන කණ්ඩායමක් නිර්මාණය කරල රටක් විදියට ක්ශේත්‍රයේ පුලුවන් ඉහළටම යන්න පටන් ගත්තු අපේ වැඩසටහන සහ අරමුණ හිතාගන්නවත් බැරි,අඩු ගානෙ නමක් කියන්න පුලුවන් එක වැරයිටි එකක් වත් හදාගන්න බැරුව බොරුවෙන් වංචාවෙන්ම ජීවත් වෙච්ච,ක්ශේත්‍රයේ ප්‍රවීනයො කියන ඉරිසියාවෙන් පිච්චි පිච්චි හිතට එන ඕනම දෙයක් කියල මඩ ගහන්න තරම් පහතට වැටිච්ච සමහර තුන් වෙනි පන්තියේ මිනිස්සු දිගින් දිගටම අපි ගැන නොදන්න පිරිස නොමග යවන්න උත්සහ කරනවා.

👉 මන් ඉදිරියේදි මේ ගැන දිගටම වීඩියෝ දානව ඒවත් අනිවාර්යයෙන්ම බලන්න වගේම තවත් කෙනෙකුට මේ දැනුම ශෙයා කරන්න.අපිට මේ ක්ශේත්‍රයෙන් රටක් විදියට ඉස්සරහට යන්න නම් මේ දැනුම බෙදී යාම අත්‍යාවශ්‍යමයි මිත්‍රවරුනි.

👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි post එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්

Address

68/2/A, Samagi Mawatha, Makuluduwa
Piliyandala

Telephone

+94717140085

Website

Alerts

Be the first to know and let us send you an email when Bountiful Betta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bountiful Betta:

Shortcuts

Share

Category