Sri Umanda Herbs - උමංදා ඔසු

Directions

Sri Umanda Herbs -  උමංදා ඔසු 🍃💚උරුමයකින් සුවපත් වෙන්න💚🍃

දැක්කත් කට ඇඹුල් වෙලායන සියඹලා වල ගුණේ හා බලේ !!!ඉදුණු සියඹලාවල රස ඒවා රස බලපු කෙනකුට අමතක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් සියඹලා...
30/04/2025

දැක්කත් කට ඇඹුල් වෙලායන සියඹලා වල ගුණේ හා බලේ !!!
ඉදුණු සියඹලාවල රස ඒවා රස බලපු කෙනකුට අමතක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් සියඹලා භාවිතා කරන්නේ ආහාර රසගන්වන රසකාරකයක් විදිහට. මොකද ඉන් ලැබෙන ඇඹුල් රසය වෙන කිසිම දේකින් ලබාගන්න බෑ. වැඩිපුරම සියඹලා පාවිච්චි කරන්නේ ලංකාව සහ ඉන්දියාවේ කෑම වේල් වල. නමුත් ඔබ දන්නවාද සියඹලා කියන්නේ සෞඛ්‍යට හිතකර බොහොම ගුණදායි පළතුරක් බව. මේ සියඹලා වල ගුණ පිළිබඳ සටහනක්.

⭐ තියුණු පෙනීමක් ලබා දෙනවා!!!!!
ඇස් වල පෙනීම වැඩිදියුණු වෙන්න උපකාරී වෙන පෝෂණ රාශියක් සියඹලා වල අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා නිතර සියඹලා අනුභව කිරීමෙන් වයසට යාමේදී ඇතිවන ඇස්වල පෙනීමේ දුර්වලතා මගහරවා ගන්න පුළුවන්.
*වේදනාව හා දැවිල්ල සමනය කරනවා!!!!
වයසට යාමත් සමඟ අපේ අස්ථිවල පටක තුළින් වේදනාව ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් නිතරම සියඹලා අනුභව කරන කෙනෙකුට ඒ වේදනාව ඉක්මනින් අඩු කරගන්න පුලුවන්. මොකද සියඹලා සතුව ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ප්‍රතිදාහක අඩංගුව තියෙනවා. සියඹලා කියන්නේ හොඳ ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයක් තියෙන පලතුරක්. ඒ නිසා ඇතිවන යම් යම් ආසාදනයන් වලට සියඹලා බොහොම හිතකර වෙනවා.

⭐ කෙස් වැටීම අඩු කරනවා!!!!
සියඹලා කියන්නේ හිසකෙස් වැටීම පාලනය කරන්න පුළුවන් විශ්මිත ඖෂධයක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සියඹලා කරල් කිහිපයක් අරගෙන එය මොලොක් වෙන තුරු වතුර ස්වල්පයකින් තම්බා මිරිකා ගත් යුෂ හිස් කබලේ ආලේප කර ටික වේලාවකින් පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් හා සියඹලා කොළ යුෂ හිසේ ගැල්වීමෙන් හිසකෙස් වැටීම අඩු කර ගන්න පුළුවන්.

⭐ රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා!!!!
අද සමාජයේ බහුලවම දකින්න ලැබෙන ගැටලුවක් තමයි මේ දියවැඩියා රෝගී තත්ත්වය. ඉතින් රුධිරයේ සීනි මට්ටම ස්ථායි කිරීමේ හැකියාවක් සියඹලා වලට තියෙන නිසා දියවැඩියාව පාලනය කිරීම සඳහා හොඳ ඖෂධයක් විදියට සියඹලා භාවිතා කරන්න පුළුවන්. හොඳින් ඉදුණු සියඹලා ඇට කිහිපයක් උණුසුම් වතුර එකකට එකතු කරලා දිනකට දෙවරක් විතර පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න පුළුවන් බව සොයා ගෙන තියෙනවා.
මේ වගේ සෞඛ්‍ය ප්‍රතිඵල රාශියක් ලබා දෙන සියඹලා නිතර අනුභව කිරීමෙන් පහසුවෙන්ම සිරුරේ සෞඛ්‍ය තත්ත්වය තත්ත්වය යහපත් කර ගන්න අවස්ථාව ලැබෙනවා. සියඹලා කියන්නේ උෂ්ණාධික ආහාරයක් නොවෙයි. එය සිරුර සිසිල් කරනවා. කොහොමත් ඇඹුල් රසට කැමැත්තක් දක්වන අය අතරේ ලුණු මිරිස් දාපු සියඹලා ටෙස්ට් එක හරිම ජනප්‍රියයි!!!!
උපුටාගැනීමකි
ස්තූතිය ස්වදේශ් මංජුල ලසන්ත උක්වත්ත ආරච්චි

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි....පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතු...
29/04/2025

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි....

පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතුරක් .බොහෝ නිවෙස්වල පේර ගසක් දකින්නට හැකියාව ලැබුණත් පේර ගෙඩි පලතුරු විදියට ආහාරයට ගන්නවා හැර පේර කොළවලින් නම් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇති. නමුත් පේර කොළ සතුව ඉතාමත් වටිනා ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. හිසකෙස්වලට සමට වගේම සිරුරේ නීරෝගි පැවැත්මටත් පේර කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.
පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේර කොළවලට හැකියාව පවතිනවා.මේ පේර කොළ තම්බා හෝ අඹරා යුෂ ආදිය ගැනීමෙන් බාහිරව ආලේප කරන්නත් ඒ හැරුණාම තේ පානයක් ලෙස තම්බා පානය කිරීමත් නිරෝගී පැවැත්මක් සඳහා අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගුකාලීනව ඇතිවන කැස්ස සඳහා පේර කොළ කැඳ ඉතාම ගුණදායක ඔසුවක් ලෙස එදා සිටම පැවතුණා. ඒ හැරුණාම සතියකට දවසක් හෝ පේර කොළ කැඳක් පිසගෙන පානය කළ හැකිනම් එය ඔබේ නීරෝගි බවට විශාල අත්වැලක් ලැබෙනවා නොඅනුමානයි.

⭐පේර දළු කැඳ

✅අවශ්‍ය ද්‍රව්‍ය

✿ පේර කොළ ග්‍රෑම් 250 ක් පමණ
✿ හීනටි සහල් මිටක්
✿ සුදු ළූණු බික් 3 ක්
✿ රතු ළූණු ගෙඩි 2 ක්
✿ ඉඟුරු
✿ මිටි කිරි කෝප්පයක් සහ දියකිරි
✿ කරපිංචා කොළ මිටක්
✿ කුරුඳු පොත්තක්
✿ ගම්මිරිස් ඇට 2-3 ක්
✿ දෙහි යුෂ තේ හැන්දක්
✿ රස අනුව ලුණු

✅සාදා ගන්නා ආකාරය...

ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත් පේර කොළ කරපිංචා කොළ සමඟ බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබා ගන්න.ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ඇට යන්තම් තලා එයට ලියාගත් රතු ළූණු එකතු කරන්න. හීනටි සහල් සෝදා වතුර දමා එයට තලාගත් ඉඟුරු සුදු ළූණු ගම්මිරිස් හා කුරුඳු පොත්ත සහ ලියාගත් රතු ළූණු එකතු කර පිස ගන්න.බත ඉදුණු පසු එයට මිටිකිටි දමා පිස කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ලිපෙන් ඉවත් කරගෙන අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ එක් කර උණුසුම්ව පානය කරන්න.

✅පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ..

👉හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබයි.
හිසකෙස් වැටීම පාලනය කරන සහ හිසකෙස් වර්ධනය වීම වේගවත් කරන, හිස්සොරි පාලනය කරන අපූරු හැකියාවක් ඇති පේර කොළ පහත සඳහන් ආකාරයට ඔබට භාවිතා කරන්නට පුළුවන් .පේර කොළ ජලයේ හොඳින් තම්බා ගෙන එය නිවෙන්නට තබා ඒ ජලයෙන් හිස සෝදා හරින්න.තලපයක් වන සේ අඹරා ගත් පේර කොළ හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කර මදවේලාවකින් සෝදා හරින්න.මෙය හිස්සොරි සඳහා වඩාත් සුදුසුයි.

👉සම දීප්තිමත් කරයි.
මුහුණේ ඇතිවන රැළි වැටීම, කළු ලප, සමේ ඇතිවන රතු ලප හා පැල්ලම් ආදී සමේ ගැටළු බොහොමයකටම අඹරා ගත් පේර කොළ මුහුණේ ආලේප කරන්න. එය වඩාත් තරුණ පෙනුමක් සඳහා වැදගත් වේවි.

👉විෂබීජ නාශක ගුණයෙන් සමන්විතයි.

👉කුරුලෑ ඇතිවීම වළක්වයි.
පේර කොළ කුරුලෑ ඇතිවෙන්නට හේතුවන ඇසට නොපෙනෙන ජීවීන්ට ඉතා අහිතකර අතර පේර කොළ සතු ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුලෑ ඇතිවීම අවම කරනු ලබනවා.

👉දත් රෝග සුව කරයි.
දත් කැක්කුම සඳහා ක්ෂණික සහනයක් පේර කොළ කිහිපයක් සැපීමෙන් ලබා ගන්නට පුළුවන්.

👉මුඛ දුර්ගන්ධය සහ විදුරුමස්වලින් ලේ ගැලීම සමනය කරයි. මේ සඳහා පේර කොළ තම්බන ලද ජලයෙන් මුඛය දිනපතා සේදිය යුතුයි.

👉කෘමී විෂ නසයි.
පේර කොළ අඹරා කෘමීන් දශ්ඨ කළ ස්ථානවල ආලේප කිරීමෙන් ඒ විෂ නැතිවී සුවය ලබාදෙනවා.

👉සීරීම්, කැපුම් තුවාල හා දද කුෂ්ට සුව කරයි.

✅පේර කොළ පානයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය වාසි

👉කැස්ස සමනය කරයි.

👉මුත්‍රා දැවිල්ල සමනය කරයි.
මේ සඳහා ග්‍රෑම් 10 ක පේර කොළ යුෂ හා ග්‍රෑම් 50 ක මුද්දරප්පලම් එකට මුසුකොට උදෑසන සහ රාත්‍රියට පානය කරන්න.

👉 පිළිකා ඇතිවීම වළක්වයි.
ලයිකොෆීන්, ක්වෙර්සෙටින්, විටමින් C ඇතුළු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වර්ධනයට එරෙහිව ක්‍රියා කරනු ලබනවා.

👉 පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා පියයුරු පිළිකා ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පේර කොළ පානය ඉතාම වැදගත්.

👉 අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

👉 දියවැඩියාව රෝගයට ගුණදායකයි.
තන්තු බහුල වීම සහ අඩු ග්ලයිසමික් දර්ශකය හේතුවෙන් පේර කොළ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරන අතර රුධිරයේ සීනි මට්ටම හොඳින් නියාමනයට උපකාරී වෙනවා.

👉 සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි.

👉 අජීර්ණයට සහනය ලබාදෙයි. ඒ සඳහා පැය 8 ට වරක් පෙර කොළ තම්බාගත් ජලය පානය කළ යුතුයි.

👉 තරබාරුව අඩු කරයි. ඒ නිසා සිරුරේ බර අඩු කර ඇඟ කෙට්ටු කරගන්නට පේර කොළ පානය ඉතාම සුදුසුයි.

👉 රාත්‍රී අන්ධතාවය ඇතිවීම වළකා ඇස්වල සෞඛ්‍ය යහපත් කරන්නට උපකාරී කරයි.

අපූරු රසවත් පලතුරක් වන පේර ගෙඩිය පමණක් නොවෙයි පේර කොළවලින් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්නට රුව ලස්සන කරගන්නට ඇති හැකියාව ඉතා ඉහළ බව ඔබ දැන් දැනුවත්.
ඉතින් ඕනෑම ප්‍රදේශයක වැවෙන සුලබ පලතුරු ගසේ කොළත් අපේ ප්‍රයෝජනයට ඉතාම පහසුවෙන් භාවිතයට ගන්නට හැකියාව තිබියදීත් එය නොසලකා හැරීම සැබෑවටම අවාසනාවක්.

Address

Koswatta
Rajagiriya
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Umanda Herbs - උමංදා ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share