29/08/2026
ආදරණීය මම වෙත… 🤍
ඔයාට මේ ලියමන ලියන්නේ,
හැමදාම හැමෝම වෙනුවෙන් හිනාවෙන…
ඒත් රෑ වෙද්දි නිහඬව අඬන ඔයාටයි.
මම දන්නවා…
“මම හොඳින්” කියලා කිව්ව හැම වතාවෙම,
ඒ වචන ඇතුළේ
නොකියපු කඳුළු ගොඩක් තිබුණා කියලා.
මිනිස්සුන්ට ශක්තිමත් කෙනෙක් වගේ පේන්න,
තමන්ගේ හිත හැමදාම හංගගෙන හිටියා.
ඒත්…
ශක්තිමත් මිනිස්සුන්ටත්
වෙහෙසෙන දවස් තියෙනවා.
ඒ නිසා,
තව ටිකක් තමන්ටත් ආදරේ කරන්න.
හැමදේම හිතේ තියාගෙන
තනියම දරාගෙන ඉන්න එපා.
කවුරුත් නොදැක්කත්,
ඔයා කරපු කැපකිරීම්
ජීවිතේ දවසක අනිවාර්යයෙන්ම
ඔයාටම ආපහු ලැබෙයි.
ඒ දවස එනකල්…
ඔයාව හයියට අල්ලගන්න,
අත්හරින්න එපා.
මොකද…
ඔය හිනාව පිටිපස්සේ ඉන්න
හොඳම මනුස්සයාත්,
ආදරේ ලැබිය යුතුම කෙනාත්,
ඔයාමයි.
ආදරෙන්,
ඔයාගේම හිත. 🤍
Sweet Cakes Studio 🌸🌸🌸