22/09/2026
රසම රස අල ටොෆී හදමු අඩුම අමුද්රව්ය ටිකකින් 😍
මුලින්ම sorry කියන්නෝන මං වීඩියෝ එක ගන්න යද්දී අම්මා තාච්චියට සීනී වතුරයි දාලා ඉවරයි 🥲
අල 500g
සීනි 750g
පොඩි පොල් ගෙඩි 01
ලුණු ස්වල්පයක්
එනසාල් 5ක් 6ක්
මුලින්ම අල ටික හොඳට තම්බගන්න(ලුණු දාන්නෙ නැතුව)
අල සුද්ද කරලා හොඳට පොඩි කරගන්න
ගාගත්ත පොල් ටික පොඩි කරගත්ත අල එකට දාලා කවලම් කරගන්න.
සීනි ටික වලඳට දාලා වතුර ස්වල්පයක් එකතු කරලා ලිපේ තියාගන්න.
එවෙලෙම හදාගත්ත අල මිශ්රණෙ ඒකට එකතු කරගන්න.
ලුණු ස්වල්පයක් එකතු කරන්න.
වතුර ගතිය නැතිවෙනකල් හොඳින් හැඳිගාන්න.
තලපයක් වගේ වෙනකොට කුඩු කරගත් එනසාල් එකතු කර කවලම් කරන්න.
තැටියකට ලනශීට් කොළ දෙකක් දමා සාදාගත්ත තලපය ඒකට දාලා ඉක්මනින් කපාගන්න.
゚viralシfypシ゚