19/08/2026
Hii hii යාලුවනේ 🫶
මේ දවස් වල එකයී බතයී කතාවක් තියෙන්නේ 🤭 පාන්දර නැගිටලා පැය ගානක් උයලා, දඩිබිඩියේ ලෑස්තී වෙලා ඔෆිස් ගිහින් ආයේ ගෙදර එන්න 7 වගේ වෙනවා. ඒ ඇවිල්ලා ගෙවල් අස් පස් කරලා ගෙදර වැඩක් කරලා නිදාගද්දී ගොඩක් රෑ වෙනවා.
ඉතිං මම කල්පනා කලා මේ සතියේ පැයක් වැඩිපුර නිදාගෙන එකයී බතයී හදනවා කියලා 😁
රසට තියෙනවානම් ඕන එකක් නේද ඉතිං 😁
✅ සුදු කීරී සම්බා බතට
✅ හරක් මස්, සාරන, බිත්තර ව්‍යාංජනයක්
එහෙනම් ව්‍යාංජනය හදාගමුකෝ. ඇතිලියක් ලිපේ තියාගෙන, තෙල් ස්වල්පයක් දාගන්න. තෙල් එක රත් වෙද්දී බී ළූනූ, සුදු ළූනු, ඉගුරු කෑල්ලක්, කරපිංචා, කුරුදුපොතු කෑල්ලක්, එනසාල් කරාබූ නැට්ටක් දාග්‍ර්න හොදට තෙම්පරාදු කරගන්න.
ඒක හොදට තෙම්පරාදු උනාට පස්සේ, ඒක ඇතිලිය පැත්තකට කරලා බිත්තර ටික දාගන්න. ඊට පස්සේ තම්බා චුටියට කපාගත්ත හරක් මස් ටික දාගෙන ඒකටම සාරන කොල ටිකත් දාගන්න.
ඉන් පස්සේ කහ කුඩුකුඩු, ගම්බිරිස් කුඩු සහ රස අනුව ලුනු එකතු කරලා හොදට කලවම් කරලා නටනකන් පියනකින් වහලා උයාගන්න.
රසම රසයි, ගුණම ගුණයී,
පොල් තෙල් පාවිච්චී කරන්නේ නැත්තම් diet කරන්නත් හොදයී ඉතිං
&curry