05/11/2024
ඒ සතුටට මිලක් නෑ ඒක හිතට ලොකු නිදහසක් වගේම, සුවයක් ...... 💝
උදේ ඉදන් මේ වෙකල් කාලත් නෑ මං තාම , මොකද බඩගින්න දැනුන්නෑ මට 🥺
අද උදේ 6.45 ට හස්බන්ව බස් එකට දාලා එන්න මල්වත්ත හංදියට ගිහින් එද්දි , බල්ලෙක් ඔහේ පාර පුරා දුවනවා කව හරි හොය හොය.......😲
මම බයික් එකෙන් කගවේනා වගේ එද්දි 😁 එක පාරටම පාස් වෙද්දි දැක්කේ මේ අහිංසකයාව බයික් එක ස්ලෝ කරලා සයිට් කණ්නාඩියෙන් බලන් ආවට මොකද ගෙදර ඇවිත් , හිත හරි බරයි අනේ එයා හැප්පුනාද දන්නෑ කියලා 🥺, වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ 😥
කල්පනා කරලා ආපහු ගිහින් එයාව හෙව්වා 1km දුරට යනකල් , හොයලා හොයලා බැරි තැන එයාගේ අයිති අය හොයාගන්න ඇති කියලා හිත හදන් ගෙදර එද්දි
( එත් වටපිට බල බල ආවේ මං කෝකටත් ) ගුරුවිද්‍යාල පිට්ටනියේ ඉන්නවා එහෙ මෙහෙ දුව දුව, 😲
බයික් එක පාරේ අයිනෙම අතෑරලා එයාට අඩ ගැහුවාම දුවන් ආවා...... පෞ අසරණයා ..🥺,
ඒ එක්කම ගුරුවිද්‍යාලයේ සිකුරිටි කෙනෙක් මගේ ලගට ඇවිත් කිව්වා , එයා සෙනසුරාදා ඉදලා මෙතන ඉන්නේ ගෙදර අය හොය හොය කියලා 🥺, මට දැන් දාලා එන්නත් බෑ.........🥺 අරන් එන්නත් බෑ ගෙදර රාක්ෂයො දෙන්නෙක් ඉන්න නිසා 😥
එයා ලගට වෙලා ටිකක් වෙලා ඔලුව අත ගගා ඉද්දි විද්‍යාලොකේට දරුවා දාන්න ආ අයියා කෙනෙක් බයික් එක නවත්තලා කිව්වා , අනෙ මේ බල්ලා දුක් විදිනවා කන්න දෙන්නෙත් නෑ, කුලියට හිටි කෙනෙක් ගේ මෙයා, ඇගේ තියන් හැදුවේ පොඩි කාලේ දැන් ඔය සල්ලකන්නේ නැතුව ඉන්නේ , ඉද හිට ඒ අයියලු කන්න දෙන්නේ, දන්න කෙනෙක් ඉන්නවා නම් මෙයාව හදාගන්න දෙන්න තාම එයාට වයස මාස 8-9 වගේ කියලා 😲
හපොයි මොකද කරන්නේ කියලා කල්පනා කරලා ගෙදර ආවේ , බයික් එක දාලා දම්වැලක් අරන් පයින් ගිහින් එයාව මගේ ගෙදර එක්ක ඇවිත් කාට හෝ දෙනවා කියලා හිතලා , අවදානමක් අරන් ගෙදර ගෙනාවට මොකද ,
මගේ රාක්ෂයො ගෙට දාලා කටට මුකවාඩම් දාලා මං ගියාට , කුස්සියේ දොර ලොක් කරලා නෑ අතින් ගහලා ඔලි දොර ඇරන් එලියට පැනලා එකම පොරයයි...... 😥,( කට ගැට ගහලා කියලා නෑ ඌ යකෙක් ) කොහොම හරි කරලා ආය ගෙට දාලා දොර වහලා මේ අහිංසකයා මගේ ලගට තුරුලු කරන් අපි දෙන්නා එලියට වෙලා දන්න කියන හැම තැනටම පොස්ට් දාලා, වටේම දන්න අයට කොල් කරලා , කරලම අපි දෙන්න හෙම්බත් වෙලා හිටියේ , හොදටම
අඩුම උදේ ඉදලා මේ පොස්ට් එක දාන මේ මෝහොත වෙනකල් වතුර බිලත් නෑ , බත් කාලත් නෑ හෙම්බත් වෙලා ඉද්දි, කෝකටත් ආයේ මෙයාවත් අරන් ගුරුවිද්‍යාලය ලගට ගියේ, ඔලි මෙයාව හපලා මැරුවොත් ඒක ඉට වඩා පවක් නිසා ( මොකද ඔලි අල්ලන්නෙම බෙල්ලෙන්, නකුවත් පරිස්සමි කරන් ඉන්නේ අමාරුවෙන් )
මම මෙයාට ගෙයක් හොයනකල් මේ අහිංසකයා ගුරුවිද්‍යාල ය ඇතුලින් ගැට ගහලා තියාගන්න පුළුවන් ද කියලා සිකුරිටි එකෙන් අහන්න ආයෙත් මෙයා එක්ක ගියා ......🥺
විස්තර කියලා කට ගද්දිම ඇත්තටම සතුටුයි එකේ හිටි කෙනෙක් ( ඇත්තටම ඒ අයියා ගොඩක් හොද කෙනෙක් එතන ඉන්න අයගෙන් ගොඩක් කරුණාවන්ත කෙනෙක් එයා මම දැකලා තියන විදියට එතන ඉන්න බල්ලොත් එයාගේ කරෙ ඉන්නේ ) කෝ දැන් එයා කියලා ඇහුව , අහලා බාට දෙක දාගෙන මුර කුරියෙන් ඉක්මනින් එලියට ඇවිත් බැලුවා 🙂
මම කිව්වා මෙතන සෙනසුරාදා ඉදලා , ඉදලා තියෙන්නේ දැක්කේ නැද්ද කියලා මොකද සෙනසුරාදා ඉදලා හිටියා කිව්වෙත් ඒකෙම කෙනෙක් නිසා මම එහෙම ඇහුවා නෙමෙයි ඇත්තටම එහෙම ඇහුනා , ඇත්තටම ඒ කෙනා දැකලා තිබිලා නෑ 😥,
මේ අහිංසක සතාව එයා බාර ගත්තා ඉන්ජෙක්ෂන් දෙකක් ගහලා ගත්තාම හරි කියලා , පාන් කෑල්ලක් දිලා ගැට ගහලා ඇතුලට ගත්තා 💝
නොමිසුන් ඉන්න ලොකෙක , සැබෑ මිනිසුන් සිටිම ඇත්තටම සතුටක් මට💝
ඇත්තටම ඔන්න දැන් තමා මට බඩගින්න ක් දැනෙන්නෙ........... මොකද දැන් ඒ අහිංසක සතාට ගෙදරක් තියනවා කියන සතුට දැනුන නිසා
සෙනසුරාදා ඉරිදා එයා ඔහොම පාරේ හිටියට, සතියේ දවස්වල අපේ පාරේ තියන වාහන එක්ක එයාගේ ජිවිතේ මහා මග විනාශ වෙන්න තිබුනා 🥺
පුංචි කාලේ හුරතලෙට ඉද්දි සත්තු ගෙනත් හදලා , මෙහෙම මහා පාරට වැටෙන්න දෙන්න එපා , ඒක ලොකු පවක් මිහිපිටම පඩිසන් දෙන , දෙන නෙමෙයි එහෙම දෙන්න ඕන මෙහෙම කරන අයට 😡
සැ: ඔලි තරහා වෙලා දැන් ......😁😁😁😁 හිමිට ඇවිත් මාව හපලා යනවා පලි ගන්න ඔන්න බල්ලො, ගෙදර හාමුට අද යටත් වෙලා හිටියේ නැති නිසා ඔය 😂 මේ වගේ වෙලාවට තමා මුන්දව පාරට ගිහින් දාන්න ඕන සත්තු දුක් විදින හැට් පෙන්නන්න 🙈😁, අද දවස මට ගැලවිමක් නැති වෙයි ඔලිගෙන් 😂
නදී පිගේරා .......
゚viral ゚ fans