16/06/2026
⏰ වෙලාව 3.30
📞 හෙලෝ...
📲හෙලෝ පාර්සල් එකක් තියෙනවා ගේට් එක ලගට එනවද. මම එන ගමන් ඉන්නේ
📞අහ්.. හරි හරි මං එන්නම්...
දුරකතනය විසන්දි කල මා ක්ශණිකව ගියේ කුතුහලයෙන් පිරි මගේ පාර්සලය මොකක්ද බලන්න.
මට කලින්ම අද පාර්සලයක් එන බවත් කොහේවත් යන්නේ නැතුව ගෙදරම සිටින බවත් ඔහු අනතුරු ඇගෙව්වත්,
එන්නේ මොකක්ද කියලා නොකියා ඉන්න ඔහු වගබලාගත්තා.
මොකද,
ඔහුට වුවමනා පුංචී දේකින් හරි මම සතුටින් පුදුම වෙනවා බලන්න.
ගේට් එක ලගට ගියපු මම පාර්සලය අතට ගත් විගසම ගේ තුලට ඇතුල්වෙන ගමන්ම හරිම ඕනෑකමින් එක විවුර්ත කරන්න උත්සාහා කලේ හිතේ එහා මෙහා දුවන කුතුහලය නිසාමයි.
මෙය විවුර්ත කර බලනකම් මගේ හිත නොරිස්සුම්.
නොරිස්සුම්කම නිසාම මම පාර්සලය ලැබුනු පෙට්ටියේ කුරිය ලේබලය දෙස විගහට බැලුවා මොකක්ද අනේ මේ තියෙන්නේ කියලා,
Description කොටසේ ලියලා තිබ්බේ Journal set කියලා.
ඉතිම් මට තවත් ඉවසුම් නෑ මෙය විවුර්ත කරලා බලනකම්.
මගේ හිත පොඩි ලමයෙක් සතුටින් ඉපිලෙනවා වගේ කෑ ගැහුවා.
මම එය විවුර්ත කරලා මදක් බලාගෙන හිටියා.
මගේ අත පය ආදරයයි, නොසන්සුන්කමයි, එක්වුන මොකක්දෝ විදිහකින් වෙව්වන්න ගත්තා.
ආසාව ඉක්මවා යනකොට දැනෙන හැගීමක් වෙන්නැති,
මමම එයට නිර්වචනයක් දුන්නා.
දුරකතනය ගත් වහා ඔහුගේ chat එක open කරපු මම,
මට පේන විදිහ ඔහුටත් පෙන්නන්න ඕනි නිසාම ක්ශනික චායාරූපයක් අරගෙන ඔහුට යැව්වා.
ඒ වගේම මගේ හිත කොච්චර සතුටින් පිරිලද,
මම ඔහුට ආදරේ බවත් මම කියන්න අමතක කලේ නෑ.
මේ වගේ පුදුම සහගත තෑගී ලැබෙනවට මම හරි ආසයි.
මගේ ඇතුලේ ඉන්න පුංචි දරුවා මේ සුකුරුත්තං තෑගි පෙට්ටිය දැකලා අත්පොලසන් දෙන්න පටන් ගෙන.
මම මදක් ඒ දෙස බලාගෙන මාගේ තරුන ආත්මයත් එක්ක කසුකුසුවක් දැම්මා.
ඔයා කොච්චර වාසනාවන්ත ගෑනු ලමයෙක්ද,
කතාවක් තියෙනවනේ ජීව්තේ වැරදිලා වැරදිලා එක තැනකදි අපිට හරියනවා.
එදායින් පස්සෙ දිගට හරියනවා ආයේ වරදින්නෑ.
ආදරෙ කියන අකුරු තුන ගත්තොත් මම මේ අවුරුදු 24ටම හරියට විදලා නැති තරම්.
ආදරේ කියන්න එක එක නිර්වචන එක් එක් අවදීන් වල මා අත්වින්දත්,
එහි නියම අරුත මම විදින්නේ දැං,
ඒ මගේ අසලින් දුක සතුට දෙකේදිම රැදෙන ඒ සුන්දර පිරිමි ආත්මය නිසා,
මම vintage ලෝකෙට ප්රිය කරන genz පරම්පරාවේ කෙල්ලක්,
පරන සුවදවල්වලට,
කෝපි සුවදට,
මේ වගේ පුංචි සුකුරුත්තං වලට
මම හරිම ප්රිය කරනවා...
එහෙව් කෙල්ලෙක්ට මේ වගේ පුංචිම දේ පවා මතක තියාගෙන හැමදේම හොයලා බලලා ලගින් ඉන්න පිරිමි ආත්මයක් කියන්නේ මගේ මතය අනුව නම් ආශිර්වාදයක්,
බොරුවෙන්ම විතරක් පිරුන අද වගේ සමාජයක එහෙව් පිරිමි ඉන්නේ අතලොස්සක් විතරයි.
එහෙව් අතලොස්සකගෙන් එක ආත්මයක් සන්තකේටම මගේ නේද කියලා දැනෙද්දී ඒ ගැහීමට මගේ ඇස් වල කදුලු පිරෙන්නේ සතුට දෝරේ ගලා යන මුවාවෙන්,
ඉතිං ඒ පිරිමි ආත්මයට මගේ මුලු ජීවිතේම කැපකරලා මං ආදරේ දෙන්න දෙපාරක් හිතන්නෑ.
ඉතිං මගේ ආදරේ මම ඔයාට නොසෑහෙන්න ආදරෙයි...
✍️ -මම එයාගේ හශිනි විමංශා-