15/10/2026
🎬 Manel Lanka Home Food — පොළොස් ව්යංජනය
පොලොස් ව්යාංජනය
ශ්රී ලාංකික කව්රුත් පාහේ ගොඩක් ආස කරන කෑමක් තමයි පොළොස් මාලුව කියන්නෙ. හොදට තුන පහ දාලා ටිකක් සැරට හදලා ගත්තහම රසය නම් කියලා නිම කරන්න බැහැ. අපේ ආච්චිලා පොළොස් මාලුව සැරට හොඳ කළු පාටට තමයි හදන්නේ. දිවට විතරක් නෙවෙයි ඇහැටත් ප්රිය කරනවා. පොලොස් මාලුව ගෙදරදීම ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද කියලා.
මෙකට මගෙ බිස්නස් එකෙ විස්තර දාලා හදන විදිහ පියවරෙන් පියවර කරන තප්පර 8 කොටස් 15 script එකක් ඔනෙ විඩියො එකක් දන්න
අවශ්ය ද්රව්ය
කුඩා ප්රමාණයේ පොලොස් ගෙඩි 01
උකු පොල්කිරි 150ml
මිරිස් කුඩු මේස හැඳි 1 ½
කහ කුඩු තේ හැඳි ½
ගම්මිරිස් තේ හැඳි 01
බැදගත් තුනපහ කුඩු මේස හැඳි 01
ඉඟුරු තේ හැඳි 01
අබ ඇට තේ හැඳි 01
සුදු ලූණු තේ හැඳි 01
රතු ළූණු බික් 5ක්
කරපිංචා කොළ ( අවශ්ය ප්රමාණයට)
අමු මිරිස් කරල් 02
රම්පෙ කොලයක්
ලුණු රස අනුව
ගොරකා බික් 01
සාදන ආකාරය
පොලොස් සුද්ද කර සෝදා කොටු හැඩයට කපාගන්න
ලුණු කුඩු ටිකක් වතුර ප්රමාණයකට දමා පොලොස් කෑලි එකතු කර තම්බා ගන්න
ගොරකා කැබලි කිහිපය හොදට නටන උණුවතුර දමා මිනිත්තු 20 ක් පෙඟෙන්නට හැර ගලේ අඹරා ගෙන පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න.
ඉගුරු සුදුලූනු ගම්මිරිස් හොඳින් තළා ඉහත ගොරකා මිශ්රණයට එකතු කරන්න.
තෙල් ටිකක් ලිප තබා එයට අබ ඇට දමා පුපුරන විට ලුණු එකතු කරන්න. හැඳි ගාමින් සුළු වේලාවක් තියන්න.
මෙයට කරපිංචා කොළ රම්පේ කොළ අමු මිරිස් එකතු කරන්න. ඉන්පසු ඉහත අප සාදාගත් ගොරකා මිශ්රණය එකතු කරමින් මිනිත්තුවක් හැඳිගාන්න.
මෙයට කහ කුඩු මිරිස් කුඩු බැදගත් තුනපහ කුඩු එකතු කරන්න.
තම්බාගත් පොලොස් කැබලි වතුර ස්වල්පයක් සමග ඉහත මිශ්රණයට එකතු කරන්න. මිනිත්තු 5ක් පමණ හොඳින් හැඳි ගාන්න.
පොල් කිරි එකතු කර මිනිත්තු විස්සක් පමණ මදගින්නේ පිසගන්න.
මැටි ඇතිලියක පොළොස් ව්යංජනය සෑදීමෙන් රසය වැඩි වෙනවා. ඒ වගේම දවස් තුනක් පමණ ඔබට තියා ගන්නත් හැකි වෙනවා. Pulasthi Pubuduni Himal Madusanka Kaushalya Fernando Nirosha Hachinson Shashika Rathnayake Mahesha Madushanka Nadee Dush Supun Thimira Timișoara Timisoara අපි කුෂ් කුෂී Leema Usha තිමිශෝරා Sri Lankan food LOGS Grup de Inițiative Sociale Fast-Food Doina Timisoara Nawanjana De Silva Thilina Perera Muditha Dilshan Lakshani Erangika රුමේනියාවේ තිමිසෝරා අපි Dil Foods & Gifts Saji Creations Nayanathara Ramawickrama Avishka Priyamantha Manel lanka Home Food Timisoara Gangasiripura Dhammaloka Thero Jeewaka Pharmacy