10/05/2026
🔥 ිපාරෙ සළකුණු යුධ ඉතිහාසයට එක්කල ඓතිහාසික "සාම්පූර් මෙහෙයුම"! 🇱🇰⚔️
2006 වසරේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද සාම්පූර් මෙහෙයුම (Operation Rivers of Fire), නැගෙනහිර පළාත මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයයි!..❤️
ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානයට සහ වරායට එල්ල වෙමින් පැවති දැවැන්ත කාලතුවක්කු තර්ජනය අක්‍රිය කරමින් 4 වන ඊළාම් සටනේදී සන්නද්ධ හමුදා ලබාගත් ප්‍රථම විශිෂ්ට ජයග්‍රහණය මෙයයි...❤️
✨ ත්‍රස්තවාදයේ මළගම සනිටුහන් කල මාවිල්ආරු සටන ආපසු හරවන අටියෙන් එම සටන අතරතුර, ත්‍රිකුණාමල වරායට එල්ලවූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාර මාළාව ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධව දියත් කල මෙම මෙහෙයුම වඩාත් කඩිනම් කරවීමට හේතුපාදක වුනි...
දින 9 ක දැඩි උපායමාර්ගික ප්‍රහාර මාලාවකින් පසු 2006 සැප්තැම්බර් 4 ත්‍රස්තවාදී බලය මුලිනුපුටා දමා සාම්පූර් ප්‍රදේශයේ සම්පූර්ණ බලය තහවුරු කර ගැනීමෙහිලා අභිමානවත් 6 වන බළඇණිය විජයබාහු පාබළ රෙජිමේන්තුව දැක්වූ දායකත්වය යුධ ඉතිහාසයෙහි නොමැකෙන සළකුණකි.❤️👍
ත්‍රිකුණාමල නාවික පරිශ්‍රය හා නැගෙනහිර මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කිරමින් වසර 10 කට පසුව සාම්පූර් ප්‍රදේශය නැවතත් රජයේ පාලනයට නතු වූ එම ඓතිහාසික සටනේදී මාණ්ඩලික සැරයන් ගමගේ ජීඒපී ඇතුළු රණකාමි අභිත විජයබා පුතුන් පස් දෙනෙකු සිය ප්‍රාණ වායුව නැගෙනහිර අහසේ වා තලයට මුසු කළෝය...😥
මෙම ඡායාරූපය තුලින් ඔබ දකින්නේ උක්ත සටනින් පසු එවකට 6 විපාරෙ අණදෙන නිලධාරී වූ මේජර් ටීඒපී තල්වත්ත සිය ආරක්ෂක මුරය හා සංඥාකරුවන් සමඟින් සාම්පුර් ප්‍රදීපාගාරය ආසන්න වෙරළ තීරය ඔස්සේ නීරීක්ෂණයක යෙදුණු කැමරා කාචයක සටන් වූ ආකාරයය...❤️
සංග්‍රාමික සංඥාකරුවන් වූ කෝප්‍රල් චන්ද්‍රසේන, කෝප්‍රල් දිසානායක සහ අණදෙන නිලධාරී අංගාරක්ෂකයකු වු සාමාන්‍ය සෙබළ වාසල පැහැදිලි ලෙස මෙහි හඳුනා ගත හැකිය. (අනෙක් දෙදෙනා කෝප්‍රල් රාජගුරු සහ ලාන්ස් කෝප්‍රල් ආනන්ද විය යුතු යැයි අනුමාන කරමි )
ඉඳින්..., මුළු මහත් නැගෙනහිර පළාතම මුදාගැනීමේ මාවත විවර කල සාම්පූර් සටනේදී දේශයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ,කැපවූ අපගේ අභීත රණවිරුවන් සැමට උත්තමාචාරය! ❤️🙏🇱🇰
සෙබළ සිතුවිලි - Sebala Sithuvili Military Friends - රණවිරු මිතුරෝ