02/06/2026
අවුරුදු දෙකකට කලින්, අද වගේ සාමාන්‍ය දවසක දාපු මේ පොඩිම පොඩි story එක… අද මගේ ජීවිතේ ලස්සනම මතකයක් වෙලා තියෙනවා. 🤍
එදා මම හිතුවේවත් නැහැ මේ photo එකකට ආපු එක react එකක්, මගේ මුළු ජීවිතේම වෙනස් කරන බැඳීමක් වෙයි කියලා.
ඒ react එකෙන් පටන් ගත්ත කතාව අද වෙනකොට ආදරයෙන්, විශ්වාසයෙන්, ගෞරවයෙන් පිරුණු ලස්සන ජීවිත ගමනක් වෙලා❤️🥹.
හැබැයි මේ කතාවේ ලස්සනම දේ තමයි…
අපි දෙන්නා කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මාස හයක් යනකම්වත් එකිනෙකා හම්බවෙලා තිබුණේ නැහැ🥺
Face to face කතා කරලා තිබුණේ නැහැ.
ඒත් දවසෙන් දවස, message එකෙන් message එකට, call එකෙන් call එකට… අපි දෙන්නා හිතෙන් ලං වුණා.🙈
Long distance relationship එකක් කියන්නේ හරිම ලේසි දෙයක් නෙමෙයි.😩💪🏻
එයාට උදේ වෙනකොට මට රෑ.
මට නිදාගන්න වෙලාවට එයා වැඩට යනවා.
ඒ විදියට ලොකු වෙලාවක පරතරයක් අතරේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ.❤️😌
කෙනෙක්ව හැමදාම දකින්න නැහැ…
හිතෙන වෙලාවට හම්බවෙන්න බැහැ…
අත අල්ලගෙන කතා කරන්න බැහැ…
හැමදේම phone screen එකක් ඇතුළෙන්.
Calls, messages, video calls, voice notes… ඒවගෙන් තමයි අපේ ආදරේ ජීවත් වුණේ. 🤍😍
ඒත් මම හිතන විදියට long distance relationship එකක් කියන්නේ හරිම සුන්දර ආදරයක්.❤️
මොකද එකිනෙකා දකින්න නැති වෙලාවටත් ආදරේ අඩුවෙන්නෙ නැහැ… තවත් වැඩි වෙනවා.
හම්බවෙන්න දවසක් නැති වෙලාවටත් “මම ඉන්නවා” කියන විශ්වාසය දෙන්න පුළුවන් නම්, ඒ ආදරේ ඇත්තම ආදරයක්❤️💪🏻
Long distance relationship එකක් කියන්නේ ආදරයත්, විශ්වාසයත්, ඉවසීමත් ගොඩක්ම පරීක්ෂා කරන දෙයක්.
ඒත් ඒ හැම පරීක්ෂණයක්ම එක්කත් අපි දෙන්නා එකිනෙකා අත අරින්නෙ නැතුව හිටියා.❤️🥹
ඒ මාස හයකට පස්සේ අපි මුලින්ම හම්බවුණේ මැලේෂියාවේදි. 🙈✨
අදටත් මට මතකයි ඒ දවස…
අවුරුදු ගාණක් දැනගෙන හිටපු කෙනෙක් වගේ මට දැනුණා.
බය නැතුව, අමුත්තක් නැතුව, හිතට හරිම නිදහසක් දැනුණා.
එදා මට තේරුණා… “මේ මනුස්සයා මගේ ජීවිතේට විශේෂ කෙනෙක්” කියලා.
ඊට පස්සේ අපේ බැඳීම තවත් ලස්සන වුණා.
හරියටම අපි කතා කරන්න පටන් අරගෙන අවුරුදු එකහමාරක් යද්දි… 2026 ජනවාරියේ අපි engage වුණා. 💍
ඒකත් තායිලන්තයේදි…..🙈
අපේ ආදර කතාව වගේම, අපේ මතකත් රටෙන් රටට ලස්සන වෙලා තියෙනවා.❤️
ගොඩක් අය හිතයි මේවා සාමාන්‍ය දේවල් කියලා…
ඒත් මට නම් මේ හැම මොහොතක්ම හරිම වටිනවා.
මොකද ජීවිතේ පුරාවට මට හම්බවෙයි කියලා හිතපු, මගේ තාත්තා වගේ ආරක්ෂාවක් දෙන, මාව ගෞරවයෙන් ආදරේ කරන මනුස්සයෙක් මට හම්බුණා......
ඉතින් මේක ආදර කතාවක් විතරක් නෙවෙයි…
මේක මගේ ජීවිතේ ලස්සනම හමුවීම.
මේ හැමදේම පටන් ගත්තේ මේ පොඩිම පොඩි photo එකකින් කියලා හිතෙනකොට අදටත් හිතට අමුතු සතුටක් දැනෙනවා. 🫶🏻
ඒ නිසාම මේ අපූරු මතකය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා…
මොකද සමහර වෙලාවට ජීවිතේ ලොකුම බැඳීම් පටන් ගන්නෙ හරිම පොඩි දේකින්. 🤍