09/10/2026
කැන්ද කොළ වංඩු
📌අවශ්ය ද්රව්ය
හාල් පිටි( සැමන් ටින් එකෙන් 1/2)
සීනි (සැමන් ටින් එකෙන් 1/2)
බේකින් සෝඩා තේ හැදි 1
ලුණු
වැනිලා තේ හැදි 1/2
පොල් කිරි පොඩි අඩු කොප්ප 2
ගාගත් පොල් පොඩි කප් 1
ජලය
📌සාදාගන්නා ආකාරය
✅මුලින්ම හාල් පෙගෙන්න දාලා කොටාගන්න.
✅කොටාගත් හාල්පිටි ටිකට බේකින් සෝඩා දාලා උකු පොල් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක් දාලා හොදට කලවම් කරගන්න .(දියාරු මිශ්රණයක් වෙනකල්)
✅ඊටපස්සේ සීනි ටික කැරමල් කරලා ඒකටම පොල් ටික එකතු කරගන්න එකතු කරන්න.
✅පැණි රස වැඩියෙන් ඕනි කෙනෙක් නම් ටිකක් වැඩියෙන් සීනි දාගන්න.
✅සාදාගත් පැනි ටික හාල් පිටි මිශ්රණයට එකතු කර කලවම් කරගන්න.
✅ඒකටම වැනිලා තේ හැදි භාගයක් විතර එකතු කරන්න.(අත්යාවශ්ය නැ)
✅ඊටපස්සේ හොදින් කලවම් කරලා කැන්ද කොලයක් අරගෙන පොඩි ඇලුමීනියම් කප් එකකුත් අරගෙනඒක උඩින් කොලේ තියලා ඒකට සාදාගත් මිශ්රණයෙන් හැන්දක් පමණ එකතු කරන්න.
(කැන්ද කොළ ණැත්තම් ඇලුමීනියම් කප් එකක්ට බටර් ටිකක් ගාලා එකට දාලා තම්බගත්තත් කමන් නැ)
✅ඉන් පසු වණ්ඩුවේ හෝ රයිස් කුකර් එකේ තියලා පියන වසා විනාඩි 20 පමණ තම්බාගන්න.
ඉරටුවක් ගසා හොදින් තැම්බිලාද කියලා දැනගන්න පුළුවන් (වංඩුවේ මැද තැම්බිලා නම් ඉරටුවේ ඇලෙන්නෙ ණැතුව තියෙනවා)
✅වංඩුවේ මැද පුපුරලා තැම්බුණාට පස්සේ ලිපෙන් බාගන්න.
ඊට පස්සේ ඉතිම් කහට කෝප්පයක් වක්කරගෙන කන්න තමා තියෙන්නේ..😁☺️
තව ක්රම තියෙනවා මේ මං හදන විදිහ...🌼
▪️රෙසිපිය හොද නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.💚
▪️තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න ළමයි..😍
▪️ඔයාලගේ රෙසිපිත් දාන්න මටත් ට්රයි කරල බලන්න..😉☺️
Shani…✍️